ඝාතන සැලසුමකට සඟවා තිබූ ගිනි අවියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ඝාතන කල්ලි දෙකක සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ වළ දමා තිබූ T56 ගිනි අවියක් සහ මැගසිනයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග T56 ගිනි අවියක්, මැගසීනයක්, ජීව උණ්ඩ 30ක් සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 910ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිස් භාරයට ගත් ගිනි අවියේ රහස් අංකය මකා දමා ඇතැයි ද සඳහන්.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව කුඩාවැල්ල හුණුකෙටුවාවලවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුවයි සැකකරුගේ නිවස ඉදිරිපිට වළ දමා තිබූ ගිනි අවිය, මැගසිනය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත්තේ.

2018 වසරේ දෙසැම්බර් 25 වනදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී T56 ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 ඝාතනයට ලක්වුණා.

ඉන් පුද්ගලයන් තිදෙනෙකුම අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ ඥාතී සහෝදරයන් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

එම ඝාතන කලක සිට පැවති මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් මාකඳුරේ මදුෂ් විසින් මෙහෙයවා තිබූ බවටයි හෙළිවී ඇත්තේ.

ඉන් අනතුරුව 2021 වසරේදී ප්‍රබල මත්ද්‍රව ජාවාරම්කරුවෙකු හා මිනිස් ජාවාරම්කරුවෙකු වන ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ද වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම ඝාතනය කුඩාවැල්ලේ බන්දුල නොහොත් හරි බඩු සුද්දා යන අයගේ කොන්ත්‍රාත්තුවක් මත ගනේමුල්ල සංජීව හා බත්තරමුල්ල මංජු යන අය විසින් සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම ඝාතන සිදු කළ පාර්ශ්වවලින් පළිගැනීම සඳහා ප්‍රධාන සැකකරු විසින් මෙලෙස ගිනි අවියක් සන්තකයේ තබාගෙන ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27