ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුවෙක් ඇතුලු 5ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුලු සැකකරුවන් 5 දෙනෙකු පොලිස් විමර්ශණවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගණය, නැදගමුව සහ දොඩංගොඩ ප්‍රදේශවලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම සැකකරුවන් අතර මහියංගණය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම, වැලිවේරිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සහ දොඩංගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් වන බව පොලිසිය සඳහන් කළා.

පසුගිය 14 වනදා මහියංගණය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එහි ජීව උණ්ඩ 2ක්, ටී 56 උණ්ඩ 9ක් සහ යකඩ බෝල 59ක් සොයාගෙන ඇති බවයි.

අවුරුදු 47ක් වන සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර වැලිවේරිය ප්‍රදේශයේදී පසුගිය 5 වනදා මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ද සමගයි.

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදු කර පසුගිය 13 වනදා දහවල් මාකේවිට ප්‍රදේශයේදී එම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 111ක් සමග අත්අඩංගුවට ගෙන වැලිවේරිය පොලිසියට ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව ඊයේ නැදගමුව සියඹලාපිටිය වැවේ හන්දිය ප්‍රදේශයේදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අදාළ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 707ක් ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන වැලිවේරිය පොලිසියට භාරදී තිබෙනවා.

කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි එම සැකකරු 29 හැවිරිදි අයෙක්.

වෙඩි තැබීමට යොදා ගන්නා ලද ගිනි අවිය සැකකරුවන් පළා යාමට භාවිත කළ කුඩා ලොරි රථයෙන් නිල්පනාගොඩ ප්‍රදේශයේදී ලබාගෙන වෙනත් අයෙකුට ලබාදීමට මෙම සැකකරු සම්බන්ධ වී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

වැලිවේරිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.

මේ අතර දොඩංගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මන්නා පිහියක් සහ පළා යාමට යොදාගත් මෝටර් රථයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 29ක් වන සැකකරුවන් දෙදෙනා උඩුමුල්ල සහ ඩෝසන්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම සැකකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14