ඝාතනය කළ හිමි නමකගේ දේහයක් නිවසක් තුල

පොතුහැර බැවිල්ගමුව ප්‍රදේශයේ නිවසක් තුලදී හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලිහිණිගිරිය ආඳාවල පොත්ගුල් විහාරයේ වැඩ වාසය කළ 63 හැවිරිදි හිමි නමක්.

මෙම හිමිනම විහාරස්ථානයේ සිට වරින් වර තමන් වහන්සේ ගිහි කල පදිංචිව සිටි නිවස වෙත පැමිණෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එලෙස පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවටයි පැවසෙන්නේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරුණෑගල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම හිමිනම පසුගිය මාර්තු මස 12 වනදා පැවිදි දිවියට ඇතුලත්ව ඇති අතර මාස 3ක කාලයකින් උපසම්පදාව ලබා ලිහිනිගිරි විහාරස්ථානයේ වැඩ වාසය කර ඇතැයි සඳහන්.

ගිහි කල යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් ඇති උන්වහන්සේගේ ගිහි කල බිරිඳ ගුරුවරියක් වන අතර එම විවාහයෙන් දික්කසාද වී දරුවා සමග වෙනම ජීවත්වන බව ද අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොතුහැර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39