ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අවසන් කටයුතු අද

වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි.

මේ වනවිට නිවසේ තන්පත් කර ඇති ඔහුගේ දේහය අද (26) පෙරවරු දේහය උදෑසන 11.00ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතයි.

අනතුරුව දේහය පස්වරුව දක්වා ප්‍රාදේශීය සභාවේ තැන්පත්කර තැබෙන අතර, ඉන් අනතුරුවයි අවසන් කටයුතු වෙනුවෙන් දේහය පවුලේ සුසාන භූමිය වෙත එය රැගෙන යෑමට නියමිතව ඇත්තේ.

මේ අතර ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ (25) දිනයේත් පැමිණියා.

පසුගිය 22 වනදා පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුළදී නාඳුනන තුවක්කුකරුවෙක් එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ පත් කෙරුණු පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන සිදුකරනු ලබනවා.

ආරක්‍ෂිත කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂන වාර්තා ඇතුළු තොරතුරු පදනම් කරගෙන අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

පොලිසිය සැකපළ කරන්නේ වෙඩික්කරු සහ සහ යතුරුපැදිය පැදවූ පැදිකරු තවමත් දකුණු පළාත තුළම සැඟව සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06