ඝාතනයකට සූදානමින් සිටි හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සාමාජිකයෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සූදානමින් සිටි බවට සැක කෙරෙන යුද හමුදා සාමාජිකයෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී ඇල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී පිටුවල සමගි මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනා පිස්තෝල ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ අංක තහඩු 2ක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 22 සහ 31 වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා මීටියාගොඩ නවගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එක් අයෙක් දැනට යුද හමුදාවට අනුයුක්තව සේවය කරනු ලබන අතර අනෙක් පුද්ගලයා දැනට යුද හමුදා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බවට හෙළිවී තිබෙනවා.

මොවුන් දෙදෙනා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සූදානම් වී අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ රැඳී සිටින බවටයි ඇල්පිටිය පොලිසියට තොරතුර ලැබී තිබී ඇත්තේ.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිසිය වැටලීම සිදුකර තිබුණා.

සේවයේ නියුතු යුද හමුදා සෙබළා නිවාඩු ලබා පැමිණ සිටින අතර මෙම අපරාධයට පැමිණ ඇති බවටත් තවත් අවස්ථාවක වෙනත් ස්ථානයක ද මෙලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර ගොස් සිටියදී එය අසාර්ථක වී ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ සිදු කිරීමට සැලසුම් කළ ඝාතනය විදේශයක සිට කිසියම් අයෙක් මෙහෙයවා ඇති බවටයි වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඇල්පිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Elpitiya Murder Attempt


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29