ගෝල් මාවල්ස් හිමිකරු රහස් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි

ලංකා T 10 සුපර් ලීග් තරගාවලියේ දී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුව ඉදිරිපත් කිරීමෙන් අනතුරු මෙම නියෝගය නිකුත් කළා.

අදාළ සැකකරු අද (16) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව අදාළ රහස් ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා සැකකරුව ලබන 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ගෝල් මාවල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්රි ෆ්ලෙචර්ට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතික ප්‍රේම් තක්කර් නමැත්තා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06