spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝල්ෆේස් විරෝධතාවයේ දී ඇල්ලූ පාසල් සිසුවෙක් මුදාහැරේ – අනෙක් පිරිස අද අධිකරණයට

අරගලයේ විරුවන් සිහිකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර පැවති විරෝධතාව අතර තුර අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවෙක් මුදාහැර ඇති බව වාර්තා වනවා.

මෙහිදී අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා අද (10) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුමට ආරම්භයේ සිටම ආරක්ෂක අංශවලින් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කළ අතර, එහිදී පොලිසිය ඔවුන්ට දැනුම් දුන්නේ එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසටයි.

පසුව එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?