ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

වෙළෙඳසැළක ඇති ගෝනියක තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා. 55 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ සවස් වරුවේ වාලච්චේන පොලීසියට ලැබී තිබූ අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව සිදුකරගෙන ගිය විමර්ශන අනුව ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ පිහිටි සුරතල් මසුන් සහ ගෝනි අලෙවිකරණ වෙළෙඳසැලක් තුළ තිබී සැකකටයුතු පොහොර බෑග් දෙකක් ගැන සිදුකළ විමර්ශනයේදී මෙම කාන්තා මළසිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

අතුරුදහන් වූ බවට පැමිණිලි ලද කාන්තාවගේ මළසිරුර එම ගෝනිය තුළ තිබෙන බවට විශ්වාස කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම කාන්තාව බැංකුවට යන බවට නිවසින් පිටව ගොස් ඇති බවට ද පරීක්ෂණ වලදී හෙළිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ අනුව මෙම කාන්තාව සමග බැංකුවට ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

වාර්තා වන පරිදි අදාළ වෙළෙදසැලට ගෝනි දෙක ගෙනවිත් භාරදී ඇත්තේ මෙම ත්‍රිරෝද රථ රියැදුරු බවද පොලිසිය සිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අද දිනයේදී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56