ගෝඨා ගෙදර ගිහින් නෑ – ගෙදර යැව්වේ මම විතරයි

තරුණයන්ගේ නැගිටිම වර් තමානේ දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක් බවත් ඔවුන්ගේ නැගිටීම සම්ප්‍රදායික දේශපාලඥයින් පිළිගත යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේක වර්තමාන දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක්. මේක තමයි ළඟදී විශාලතම අපි දැකපු කණ්ඩායම. බස් නැතිව එක පණිවිඩයකින් ආවේ. ඉතාම සාමකාමීව පණිවිඩයක් දෙන්න ආවේ. නුවරත් තිබුණා. අනිත් තැන්වලත් තිබුණා. මෙතන බලය තහවුරු කළා.

දැන් ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ කණ්ඩායම. ජනපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. ප්‍රතිචාරයට සෑහිමකට පත්වුණේ නෑ. මේක පටන් ගත්තේ මධ්‍යම පංතියේ ව්‍යාපාරයක් ලෙස. ඉදිරියට ආවේ තරුණයින්. තරුණයන් කියන්නේ අපිට අපේ අනාගතය හදලා දෙන්න කියන්නේ. නැත්නම් අපි කරන්නම් කියන පණිවිඩය තමයි ඒ අය කියන්නේ.

තරුණයන් පළමුවෙන්ම කියන්නේ ගෝඨා ගෙදර යන්න කියලා. ගෝඨා තවම ගෙදර ගිහින් නෑ. ගෙදර යවලා තියෙන්නෙ මම විතරයි. ඒ කාලේදී මේ ගැන හිතලා බලන්න මට අවස්ථාව තිබුණා. අලුත් බල කේන්ද්‍ර ඇවිත් තියෙනවා. මේක දේශපාලඥයින්ට වැටහෙන්න ඕන මොකක්ද වෙන්නේ කියලා.

ඒ කාරණය වටහා ගන්නේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මේ පෙරළිය විප්ලවයක්. මේක පුපුරනවා. පාර්ල මේන්තුව ඉදන් ආණ්ඩුව වෙනස් කරන්න කුමන්ත්‍රණ කරනවා. පිට ඉන්න තරුණ පිරිස බලන්නේ දේශපාලන පෙරළියක් ඇති කරන්න.

පළමුව පාර් ලිමේන්තුව එකතු කරන්න ඕන. මේ හානිය මෙතිනන් ඉවර වෙන්නේ නෑ. උද්ධමනය තවත් ඉහළට යනවා. ජූලි අගෝස්තු වන විට ජිවත්වෙන්න බැරි වෙනවා. මුදල් මුද්‍රණය කිරීම නැවැත්තුවාම ඒකෙනුත් ප්‍රශ්න එනවා. මහ බැංකුවෙන් පොලිය වැඩි කළා ඒවා කරන්න වෙනවා. ඒකෙන් කුඩා ව්‍යාපාරවලට වැදෙනවා.

තරුණයන් මේ රටේ තියාගන්න නම් අපි අලුත් දෙයක් කරන්න වෙනවා. මේක වැටිලා තියෙන නිසා අලුත් එකක් හදන්න පුළුවන්. තරගකාරි ආර් ථිකයක් ඇති කරන්න ඕන. ස්ථාවර භාවය ඇති කරලා සහන දීලා මේක කරන්න ඕන. අපිට යන්න තියෙන්නේ අලුත් ගමනක්. මේක අපි වටහා ගන්නේ නැත්නම් අපි පහුකරගෙන මේ අය මේ ගමන යයි.

ඔබේ පීඩනය මම දන්නවා. අනාගතය නැතිවිමේ භය මම දන්නවා. සාමකාමීව මේ වැඩේ කරනවා. ඒකට මම ප්‍රශංසා කරනවා. අපි ක්‍රමවේදය වෙනස් කරන්න ඕන. ඒක ව්‍යවස්ථාව තුළින් කරන්න ඕන. ඒ තුළින් ඒක කරන්න පුළුවන්. මම මේ තරුණ අයට කියනවා ඉදිරියට යන්න. සම්ප්‍රදායික දේශපාලඥයින්ට මම කියන්නේ අපි වෙනස් වෙන්න ඕන මේක වටහාගෙන අපි ක්‍රියා කරමු.”

උපුටා ගැනීම – අද පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20