ගෝඨාභය ලියූ කුමන්ත්‍රණය පොතෙන් එළියට දාපු ලොකුම රහස

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එළිදැක්වූ ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ පොතේ සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාරගැනීමට කළ ආරාධනාව සම්බන්ධයෙන් ප්‍රථම වරට අනාවරණයක් සිදුකර තිබෙනවා.

පහත පළවන්නේ එම පොතේ අදාළ සිදුවීම සඳහන් කර ඇති ආකාරයයි.

‘එදා රටේ පැවැති ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයට පත්කිරීමේ අවශ්‍යතාවක් මතුවිය. එම නිසා මම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ, මම ඔහුව අගමැති හැටියට පත්කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතැනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

ඒ වනවිට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කර පසුව ජනාධිපති ධුරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධුරය භාරගැනීමට කැමැති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවූයෙමි. මම එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට, කිසිදු පැකිලීමකින් තොරව ඔහු එම ධුරය භාර ගත්තේය. එම නිසා මම එතුමාව නව අගමැති ලෙස පත් කළෙමි.’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14