ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව තවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ කාලය දිගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම කාර්යය සාධක බලකායේ කාලය තව තුන් මසකින් දීර්ඝ වනු ඇති.

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම කාර් යය සාධක බලකාය ක්‍රියාත්මක වන්නේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුවයි.