ආර්ථික ඝාතනයට ගෝඨා, මහින්ද හා බැසිල් වගකිව යුතු බවට තීන්දුවක් – වන්දි ගෙවීමටත් නියෝගයක්

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවත්, ඔවුන් එක් ව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට එවක පාලන සමයේ සිටි හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය ද ඇතුළත් වන බවත්, ඔවුන් ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන බවත් අධිකරණය විසින් තීරණය කරනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ; වග උත්තරකරුවන් විසින් මෙම පෙත්සම්කාර පාර්ශ්වයන් වෙත ‍රුපියල් 150,000 බැගින් වන්දි ගෙවිය යුතු බවටයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසිනුයි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කරමින්; මෙම තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

  1. AYI DEWANI PELA, PALAMU SAHA DEWANI PELE NEDE YALU MITHRA HATHTHA BURUTHTHA. SANHATHIYAMA WATA WELANE KAWE, THAMA KEME IWARAYAK NAHE. BALU RALEYII NAYAKA BALLA AYIN UNA ELA WITHARAYI EKATA PITIN NAKI BALLEK DAGENA OYA KAGENA KAGENA YANNE MUSALA HATHTHA. OKATA MY3 RONIL LOKKO NADDA??? UNUTH MEKA KAPU UNA THAMAYI 201 APU DA SITA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30