spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභයගේ බිරිඳට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳට දුරකථනය ඔස්සේ අවස්ථා කිහිපයක දී තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?