spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ගෝඨාගෝගම’ ගැන නීතිපතිවරයාගෙන් ප්‍රතිඥාවක්

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වැළකී සිටින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අද (05) අභියාචනාධිකරණයට දන්වා සිටියා.

ගාලු මුවදොර අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද (05) පස්වරු 5.00ට පෙර ඉවත් කරගන්නා ලෙසට පොලීසිය විසින් පසුගිය දා එහි රැඳී සිටින අරගලකරුවන්ට දැනුම් දුන්නා.

අදාල නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අද (05) කැඳ වූ අවස්ථාවේ දී නීතිපතිවරයා මෙම ප්‍රතිඥාව ලබාදීම සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?