ගොවීන්ට සුබ ආරංචියක් – මහා කන්නයේ සිට ලැබෙන සහන මෙන්න

පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා පවසනවා.

අද (04) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කරා.

ඒ අනුව ලබන සඳුදා සිට කාබනික පොහොර ලියාපදිංචිය අරඹන බවත් කාබනික පොහොර සාදා ගැනීමට ගොවින්ට මුදල් ගෙවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර නිශ්පාදනය කරන කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් මිල දී ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දේශිය තාක්ෂණය, දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය කාබනික පොහොර අපි නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය කොම්පොස්ට් අර්ථයෙන් මේ ගැන හිතන්න එපා. තාක්ෂණයෙන් යුතු ශාක වලට අවශ්‍ය සංඝටක ඇතුලත් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලබාදෙන්නෙ. රටේ නිශ්පාදනය සැලකිමේදි කාබනික පොහොර ආනයනය අවශ්‍ය වන එකක් නැහැ. ඒ ගැන අපි දැන් සාක්ච්ඡා කිරිම් කර ගෙන යනවා.
ලබන සඳුදා සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කාබනික පොහොර නිශ්පාදකයින් ලියාපදිංචි කරනවා. එසේම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියල්ල රාජ්‍ය පොහොර සමාගම හරහා මිලට ගන්නවා. පොහොර සහනාධාරය ගොවින්ට දීපු මුදල් සතයක්වත් අඩුකරන්නේ නැහැ. එලඹෙන මාස් කන්නයේ සිට සහනාධාර ක්‍රමය යටතේම කාබනික පොහොර සෑම ගොවියෙකුටම අපි ලබාදෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියලා තිබුණා අපි කාබනික පොහොර කියලා ජරාව ගේන්න යනවා කියලා. කාබනික පොහොර ගේන්න අවශ්‍ය වන එකක් නැහැ. ගෙනාවත් සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කල ප්‍රමිතියෙන් උසස්ම පොහොර ගෙනෙන්නේ විශය පිළිබඳ විද්වතුන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක අනුමැතිය සහිතවයි. පොහොර ආනයනය කරනවා කියලා බිල්ලෙක් මවන්න හදනවා.
ගොවි ජනතාවට අපි කියනවා කිසිසේත්ම බියක් ඇති කරගන්න එපා නියමිත පරිදි සහනාධාරය ඒ විදිහටම ලබා දෙමින් අපි ගොවින්ට කාබනික පොහොර එළඹෙන මහ කන්නයේ සිට ක්‍රමවත්ව ලබා දෙනවා.” යැයි පැවසුවා‍.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07