ගොවීන්ට අවශ්‍ය සහන සලසන්න රුපියල් මිලියන 56,000ක්

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ අවසන් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධව සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විශේෂයෙන් ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය විසින් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවි ජනතාව මහත් අසීරුතාවයන්ට පත්වන අතර ඇතැම් විට නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා තම අස්වනුවලින් ප්‍රමාණවත් තරම් ලාබයක් නොලැබෙන බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතුවල දී දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කිරීම සඳහා මෙම මුදල් වැය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39