ගොවි විරෝධතා නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ පිරිසක් නිදොස් කොට නිදහස්(වීඩියෝ)

2022 ජූලි පළමු වැනි දින බොරලන්ද නගරයේ සිදුකළ ගොවි විරෝධතාවක් වෙනුවෙන් චෝදනා ලැබ සිටි ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු චූදිතයින් 11 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් පී. ජයසේකර මහතා අද (07) දින නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එවකට රජය මගින් පනවන ලද රසායනික පොහොර තහනමට එරෙහිව චූදිතයින් බොරලන්ද නගරයේ විරෝධතාවක නිරත වූ බවයි.

වෑන් රථයක වේදිකාවක් තනාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටිමින් රැස්වීමක් පැවැත්වීම, කොරෝනා රෝගය පැතිරවීමට අනුබල දීම, සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය යන චෝදනායි චූදිතයින් හට බෝගහකුඹුර පොලිසිය විසින් එල්ල කරන ලද්දේ.

අධිකරණ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා පවසා ඇත්තේ; පොලිසිය මගින් චූදිතයින්ට නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් යුතුව ඔප්පු කිරීමට නොහැකි ව ඇති බවයි.

එබැවින් සියලු චූදිතයින් නිදොස් කර නිදහස් කරන ලෙස ද දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22