ගොවියා සීසාද්දී ව්‍යාඝ්‍රයෙක් කුඹුරට

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිලිබිත් දිස්ත්‍රික්කයේ ගොවියෙකු තම ඉඩමේ සීසාමින් සිටියදී ව්‍යාඝ්‍රයෙකු එම කුඹුරේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

යාබද කුඹුරක ගොවියෙකු ට්‍රැක්ටරයකින් සීසාමින් සිටි බව දැක දැකත් ව්‍යාඝ්‍රයා නිැල්ලේ සැරි සරන ආකාරයයි ඒ අසල සිටි අයෙක් වීඩියෝගත කර ඇත්තේ.

මෙම දර්ශන පෙළ දුටු එක් ඉන්දීය ජාතිකයෙක් ට්විටර් සටහන් තබමින් ප්‍රකාශකර ඇත්තේ වන සතුන්ටත් මිනිසුන්ටත් එකට වාසය කළ හැකි බව මින් සනාථ වන බවයි.

මෙම වීඩියෝව නැරඹීම් වාර 120,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ලයික් 2,000කට වඩා රැස් කරගෙන තිබෙනවා.

වන සතුන් ඉන්දියාවේ මිනිස් වාසස්ථානවලට කඩාවැදීමේ සිදුවීම් පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී ම වාර්තා වුණා.

තවත් අයෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ “හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. එක පැත්තකින් සහජීවනය සඳහා දරන උත්සාහයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. අනෙක් අතට, වාසස්ථාන සහ ගොදුරු අහිමි වීම පිළිබඳ පැහැදිලි මතක් කිරීමක්. ‘කිසිදු විකල්පයක් නැති විට කොටියා තණකොළ පවා කයි’ යන කියමනක් මතකයට නැඟේ!” යනුවෙන්.

ඉන්දියාව කොටි 3,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර එම සත්වයන් සංරක්ෂණය සඳහා වසර ගණනාවක සිට ගත් උත්සාහයන් හේතුවෙන් රට තුළ කොටි ගහනය ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00