spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොවියා සීසාද්දී ව්‍යාඝ්‍රයෙක් කුඹුරට

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිලිබිත් දිස්ත්‍රික්කයේ ගොවියෙකු තම ඉඩමේ සීසාමින් සිටියදී ව්‍යාඝ්‍රයෙකු එම කුඹුරේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

යාබද කුඹුරක ගොවියෙකු ට්‍රැක්ටරයකින් සීසාමින් සිටි බව දැක දැකත් ව්‍යාඝ්‍රයා නිැල්ලේ සැරි සරන ආකාරයයි ඒ අසල සිටි අයෙක් වීඩියෝගත කර ඇත්තේ.

මෙම දර්ශන පෙළ දුටු එක් ඉන්දීය ජාතිකයෙක් ට්විටර් සටහන් තබමින් ප්‍රකාශකර ඇත්තේ වන සතුන්ටත් මිනිසුන්ටත් එකට වාසය කළ හැකි බව මින් සනාථ වන බවයි.

මෙම වීඩියෝව නැරඹීම් වාර 120,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ලයික් 2,000කට වඩා රැස් කරගෙන තිබෙනවා.

වන සතුන් ඉන්දියාවේ මිනිස් වාසස්ථානවලට කඩාවැදීමේ සිදුවීම් පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී ම වාර්තා වුණා.

තවත් අයෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ “හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. එක පැත්තකින් සහජීවනය සඳහා දරන උත්සාහයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. අනෙක් අතට, වාසස්ථාන සහ ගොදුරු අහිමි වීම පිළිබඳ පැහැදිලි මතක් කිරීමක්. ‘කිසිදු විකල්පයක් නැති විට කොටියා තණකොළ පවා කයි’ යන කියමනක් මතකයට නැඟේ!” යනුවෙන්.

ඉන්දියාව කොටි 3,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර එම සත්වයන් සංරක්ෂණය සඳහා වසර ගණනාවක සිට ගත් උත්සාහයන් හේතුවෙන් රට තුළ කොටි ගහනය ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
11
+1
6
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?