ගොවියාට පොරොන්දු වූ සහතික මිල දෙන්න බැරි නම් ගෙදර යන්න – විපක්ෂ නායක සජිත්

කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවට පහර පිට පහර දෙමින් සහ අපහාස කරමින් යන බවත් රජය විසින් එලෙස ගොවියාට අපහාස කරන්නේ ඇයි ද යන්න ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (03) විපක්ෂ නායක කාර්යාලයේ දී ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ශ්වකරුවන් රැසක් සමඟ පැවැති හමුවකදීයි.

ගොවියාට පොරොන්දු වූ සහතික මිල ලබා දීමට නොහැකි නම් ඇමතිකම් සහ ආණ්ඩුව අතහැර යන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම ගුණාත්මක පොහොර, බීජ සහ කෘෂිනාශක ආදිය මෙන්ම පොහොර සහනාධාරය, උපකරණ මිල නියාමනය, අලි මිනිස් ගැටුම වැළැක්වීම ආදී ගැටලු අවම කර ගොවියා සුරක්ෂිත කර ගොවි ජනතාට ශක්තිය ලබා දීමට ද සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්