ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති කියයි

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබෙනවා.

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහායි මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දෙනු ලැබුවා.

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාළ අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

  1. කාලෝචිතය,කුඹුරු කිරීමේදී යළ සහ මහ කන්නය අතර අමතර බෝගයක් වගා කිරීමට නළ ළිදක් සකසා ගැනීමට අවසර දිය හැකි නම් වටිනව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36