ගොයම් ගසකින් ඇල්ලූ මධුවන්තිගේ ඝාතකයා

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියගේ ඝාතකයා සොයාගැනීමට හැකි වුණේ ගොයම් පැළයක් මඟින් බව අස්ගිරිය පොලිසිය පවසනවා.

අදාළ කාන්තාව ඝාතනය කර ඇයගේ සිරුර කුඹුරක මඩ වගුරක දමා ඒ මත සිට වූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට ලබාදීමෙන් පසුව පොලිස් නිල සුනඛයා ගමන්ගත් මාර්ගයේ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙලෙස හැකිව තිබෙනවා.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා කිලෝ මීටර් තුනක් පමණ දුරකින් පිහිටි ඝාතකයාගේ නිවසට ගොස් නතර වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම නිවසේ සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙලෙස හැකිව ඇත්තේ.

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් පසුගිය 11 වනදා සොයා ගැනීමට හැකි වුණා.

එලෙස හමුවුණේ 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියක්.

මියගිය තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමක දී සිරුර අදාළ කුඹුරේ තිබී සොයා ගැනුණා.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී ඝාතනය සිදුකළ හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකිව මෙලෙස ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04