ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන්වලින් හෙලි වු අලුත්ම අනාවරණය

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගසා ඇති සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය නොමැති බවට අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් කියා සිටියේ නැවෙන් එක්රැස් වූ සුන්බුන් සහිත වෙරළේ ස්ථාන කිහිපයකදී බාහිර විකිරණ මට්ටම පරීක්ෂා කිරීම සිදුකළ බවයි.

එමෙන්ම, සුන්බුන්, ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල එක්රැස් කර පරීක්ෂාවට ලක් කළ බවයි ඔහු සඳහන් කළේ.

මීගමුව – මාඔයේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම වළක්වාලමින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව ධීවර දෙපාර්තමේන්තුව යළි අවධාරණය කරනවා.

කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ තහනම ක්‍රියාත්මක මුහුදු ප්‍රදේශය හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමට කිසිදු බාධාවක් නොමැති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45