ගොඩබිමට ඇතුල්වීමටත් කලින් ‘මිජවුම්’ තමිල්නාඩුව කළඹයි – දින තුනක රජයේ නිවාඩුවක්

උතුරු තමිල්නාඩුව දෙසට මේ වනවිට ගමන් කරමින් සිටින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් අද (04) දිනයේ සිට දින තුනක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ තීරණය කර තිබෙනවා.

මේ සමඟ ප්‍රාන්තය තුළ දුම්රිය ගමන් සේවා රැසක් ද නවතා දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලික සමාගම් ද සිය සේවකයින්ට දැනුම් දී ඇත්තේ නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙසටයි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ චෙන්නායි ගුවන් තොටුපොළ ද ජලයෙන් යට වී ඇති ආකාරය ඉන්දීය මධ්‍ය අද (04) උදෑසන වාර්තා කර තිබුණා.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ බලධාරීන් දැනුම් දෙනවා.

චෙන්නායි හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර, පහත් බිම් ප්‍රදේශ දැඩි ලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇඳ හැලුණු අධික වර්ෂාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා වෙරළබඩ දිස්ත්‍රික්කවල සහන මධ්‍යස්ථාන 5,000 කට ආසන්න ප්‍රමාණයක් බලධාරීන් විසින් මේ වනවිටත් පිහිටුවා තිබෙනවා.

‘මිජවුම්’ සුළි කුණාටුව හෙට (05) දහවල් නෙල්ලෝර් සහ මචිලිපට්නම් අතර ගොඩබිමට කඩා වැදීමට නියමිත බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21