ගොඩබිමට ඇතුල්වීමටත් කලින් ‘මිජවුම්’ තමිල්නාඩුව කළඹයි – දින තුනක රජයේ නිවාඩුවක්

උතුරු තමිල්නාඩුව දෙසට මේ වනවිට ගමන් කරමින් සිටින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් අද (04) දිනයේ සිට දින තුනක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ තීරණය කර තිබෙනවා.

මේ සමඟ ප්‍රාන්තය තුළ දුම්රිය ගමන් සේවා රැසක් ද නවතා දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලික සමාගම් ද සිය සේවකයින්ට දැනුම් දී ඇත්තේ නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙසටයි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ චෙන්නායි ගුවන් තොටුපොළ ද ජලයෙන් යට වී ඇති ආකාරය ඉන්දීය මධ්‍ය අද (04) උදෑසන වාර්තා කර තිබුණා.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ බලධාරීන් දැනුම් දෙනවා.

චෙන්නායි හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර, පහත් බිම් ප්‍රදේශ දැඩි ලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇඳ හැලුණු අධික වර්ෂාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා වෙරළබඩ දිස්ත්‍රික්කවල සහන මධ්‍යස්ථාන 5,000 කට ආසන්න ප්‍රමාණයක් බලධාරීන් විසින් මේ වනවිටත් පිහිටුවා තිබෙනවා.

‘මිජවුම්’ සුළි කුණාටුව හෙට (05) දහවල් නෙල්ලෝර් සහ මචිලිපට්නම් අතර ගොඩබිමට කඩා වැදීමට නියමිත බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12