ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
අද උදෑසන සිරුර සොයාගෙන ඇති අතර මියගිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ වයස අවුරුදු 42ක්.
මේවන විට මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.
මීගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.













