ගෙවුණු පැය 24 දි මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 08 දෙනෙකු අල්ලයි – ඒ අතර කාන්තාවකුත්

ගෙවුණු පැය 24 දි දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කළ පොලිස් මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හත්දෙනකු සහ සැකකාරිණියක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විවිධ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (08) පෙරවරුවේ සොයිසාපුර දී අත් අඩංගුවට ගත් බවයි.

ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200ක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන දම්පේ, මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මොරටුව, පිළියන්දල හා මොරටුමුල්ල පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති දේපල සොරකම් කිරීමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් සොරකම් කරන ලද රන්මුදු 02ක්, රන් අත් පළඳනාවක්, රන් වළල්ලක්, රන් පෙන්ඩන් 02ක්, කරාඹු ජෝඩුවක්, රන් මාල 02ක්, අත්ඔර්ලෝසුවක්, පාපැදියක්, උණු කරන ලද රන්ගුලි 02ක් හා ජංගම දුරකතන 03ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

මේ අතර අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ ඥානික්කුලම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05කුත් මිලිග්‍රෑම් 120ක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන ගල්කුලම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම මොරටුව පොලිස් ස්ථානය මගින් ද ඊයේ උදෑසන කාලයේ දී මාදංගහවත්ත ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 05කුත් මිලිග්‍රෑම් 50ක් සමග 43 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගැනුණා.

ඊයේ දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද ප්‍රදේශයේ දී ද ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

සැකකරු 51 හැවිරිදි මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිණිය අද (09) අලුයම රත්මලාන – වෙඩිකන්ද ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.

ඇය සන්තකයේ අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 41ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 370 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කජීමා වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 380 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු 32 හැවිරිදි වීරපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්.

ඊයේ දහවල් කාලයේ මිරිහාන පොලිස් වසමේ විජේරාම ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් ‍05 මිලිග්‍රෑම් 330 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු 36 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස අත් අඩංගුවට ගැනුණු සියලු ම සැකකරුවන්, නඩු භාණ්ඩ සමග අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46