ගෙවුණු පැය 24ට යුක්තිය මෙහෙයුමට තවත් 986ක් කොටු

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් සැකකරුවන් 986ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුව අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 667ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 319ක් වන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 667 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 18ක් පුනරුත්ථාපානය සඳහා යොමුකර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25ක් ද අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සිටිනවා.

අපරාධ අංශවෙත යොමුකළ ලැයිස්තුවේ සිටින අත්අඩංගුවට ගත් සැකකරුවන් 319 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 57ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 249 ක් සිටින බව පොලිසිය සඳහන් කළා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 04 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 09ක්ද අත්අඩංගුවට ගැනුණු පිරිසට ඇතුළත්.

ඊට අමතරව මෙම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 586ක්, අයිස් ග්‍රෑම් 180ක්, ගංජා කිලෝ හතර හමාරක්, මාවා කිලෝ 01යි ග්‍රෑම් 100ක්, කුෂ් ග්‍රෑම් 204ක්, මදන මෝදක ග්‍රෑම් 63ක් සහ මත්පෙති 44ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04