ගෙවුණු පැය 24ට තවත් අපරාධකරුවන් 785ක් යුක්තියට කොටු

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 596 දෙනා අතරින් සැකකරුවන් 7 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 4ක් පුනුරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 11ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 189 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 29ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 155 ක්ද සිටීයි.

අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 128ක්, අයිස් ග්‍රෑම් 115ක්, ගංජා කිලෝ 08 ග්‍රෑම් 626ක්, ගංජා පැළ 138,676ක්, මාවා ග්‍රෑම් 57 මිලිග්‍රෑම් 200ක්, මත්පෙති 34ක් සහ මදන මෝදක ග්‍රෑම් 125ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38