ගෙවුණු පැය 24 තුළ මෙරට දී නව ඩෙංගු රෝගීන් 1030ක් හඳුනාගෙන ඇති බව බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ, මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 66,064ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ඩෙංගු රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නංගර කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය අභිබවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබිය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













