ගෙවුණු දිනය තුළ සිදු වූ මාරක අනතුරුවලින් පුද්ගල ජීවිත 06ක් අහිමි වෙයි

කිලිනොච්චිය පොලිස් වසමේ ගනේෂපුරම් ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යතුරුපැදියක් ඊයේ (25) පෙරවරුවේ පෙරළීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදී ම මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මරණකරු වයස අවුරුදු 37 ක් වූ ජයන්ති නගර්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

එමෙන්ම, ඊයේ රාත්‍රී කාලයේ දී කොත්මලේ පොලිස් වසමේ කැමිල්දන් තේ වතු මාර්ගයේ දී ලොරි රථයකට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කොත්මලේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 33 ක් වූ වැවන්ඩන්වත්ත, තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ උදෑසන කාලයේ කිලිනොච්චිය පොලිස් වසමේ අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 28 ක් වූ පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර වාකරේ පොලිස් වසමේ ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ පනිච්චංකේණි ප්‍රදේශයේ දී වාකරේ දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් අනතුරක් සිදු වුණා.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා වාකරේ රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් අවුරුදු 19 වයසේ පසු වූ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර ඉඟුරුවත්ත පොලිස් වසමේ හතරලියද්ද ඉඟුරුවත්ත මාර්ගයේ වටරැක ප්‍රදේශයේදී මාවතගම දෙස සිට කුඩුමේරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් එම කාන්තාව බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යැවිමේ දී මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 78 ක් වූ වටරැක, ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46