ගෙවත්තේ වළක සිටි මාරයා පුංචි දරුවෙකු බිලි ගනී

තම ගෙවත්තේ කපා තිබු කුඩා වළකට වැටී අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු ඊයේ (29) දින ජිවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙලිය පොලීසිය පැවසුවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිංචි ජයදුන්දරම් සුලක්ෂන් නැමති පුංචි දරුවෙක්.

ඊයේ (29) දින පස්වරු 5.30 ට පමණ නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා  සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කපා ඇති කුඩා වළක දරුවා වැටී සිට තිබෙනවා.

පසුව දරුවාව ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ දරුවා මිය ගිය බව දරුවාගේ පියා විසින් මස්කෙලිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණා.

මිය ගිය දරුවාගේ සිරුර මස්කෙලිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විසින් පරික්ෂණ සිදුකරමින් සිටිනවා.