ගෙවත්තක තිබූ විදුලි රැහැණක පැටලීමෙන් දිවි අහිමි වූ සද්ධන්තයා

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ ගම්මානයක ගෙවත්තක භෝග වගාවේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැණක පැටලී අද (11) අලුයම විදුලිසැර වැදීමකින් වන අලියෙක් මියගොස් ඇති බව වැලිකන්ද වනජීවී කාර්යාලය පවසනවා.

අලුයම 03.00 ට පමණ මෙම වන අලියාට විදුලිය සැර වැදී ඇති අතර ඒ වන විට ගම්මානය හරහා කඨින පෙරහැරක් ද ගමන්කර තිබෙන අතර එහි සිටි කිහිපදෙනෙක් වන අලියාව පලවා හැරීමටද උත්සහ දරා ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධයෙන් වැලිකන්ද, රුහුණුකෙත ගම්මානයේ එම ගෙවත්තේ හිමිකරු වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එකොළොස් වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන්කර සිටියා.