spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ගෙදර කොන්දේසි සහ ගෙදර වාසි’ ඉන්දියාවට – හිටපු ක්‍රීඩකයෙකුගෙන් චෝදනාවක්

2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායම ඩී.ආර්.එස් ක්‍රමය තමන්ට වාසි දායක අයුරින් වෙනස්කරන බවට ප්‍රසිද්ධියේ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හසන් රාසා විසින් මෙම චෝදනාව එල්ලකර ඇත්තේ පාකිස්තාන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (05) ඊඩ්න් ගාඩ්න්හිදී පැවැති තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙලෙස ඩී.ආර්.එස් ක්‍රමය හසුරුවන බව තමන්ට පෙනී ගිය බවයි හසන් රාසා වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස ඩී.ආර්.එස් ක්‍රමය සිය වාසියට යොදාගැනීම මෙවර ලෝක කුසලානය තුළ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකය වූ බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේ.

ඊයේ තරගයේ දී හෙන්රිච් ක්ලාසන්ගේ දැවීයාම මීට උදාහරණයක් ලෙස හසන් රාසා ගෙනහැර දැක්වූවා.

මෙහිදී ආදහස් දක්වමින් හසන් රාසා සඳහන් කර සිටියේ ‘ගෙදර කොන්දේසි සහ ගෙදර වාසි’ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තරග තුළ ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?