‘ගෙදර කොන්දේසි සහ ගෙදර වාසි’ ඉන්දියාවට – හිටපු ක්‍රීඩකයෙකුගෙන් චෝදනාවක්

2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායම ඩී.ආර්.එස් ක්‍රමය තමන්ට වාසි දායක අයුරින් වෙනස්කරන බවට ප්‍රසිද්ධියේ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හසන් රාසා විසින් මෙම චෝදනාව එල්ලකර ඇත්තේ පාකිස්තාන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (05) ඊඩ්න් ගාඩ්න්හිදී පැවැති තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙලෙස ඩී.ආර්.එස් ක්‍රමය හසුරුවන බව තමන්ට පෙනී ගිය බවයි හසන් රාසා වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස ඩී.ආර්.එස් ක්‍රමය සිය වාසියට යොදාගැනීම මෙවර ලෝක කුසලානය තුළ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකය වූ බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේ.

ඊයේ තරගයේ දී හෙන්රිච් ක්ලාසන්ගේ දැවීයාම මීට උදාහරණයක් ලෙස හසන් රාසා ගෙනහැර දැක්වූවා.

මෙහිදී ආදහස් දක්වමින් හසන් රාසා සඳහන් කර සිටියේ ‘ගෙදර කොන්දේසි සහ ගෙදර වාසි’ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තරග තුළ ක්‍රියාත්මක වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33