ගෙදර ඇති කළ කුකුළා මරාගෙන කෑ පියාට පුතාගෙන් පිහි ප්‍රහාරයක්

තම නිවසේ ඇති කළ කුකුළෙකු මරා මස් පිනිස ආහාරයට ගැනීම පිළිබද උරණ වූ පුතෙකු විසින් සිය පියාට තියුණු ආයුධයකින් පරදී තිබෙනවා.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ පියා අසාද්‍ය තත්ත්වයේ රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ලිදුල, මවුස්ඇල්ල වතුයායේ පදිංචිව සිටි අවුරුදු 65ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා විසින් නිවසේ කළ කුකුළෙකු මරා මස් පිනිස ආහාරයට ගෙන ඇති අතර, ඊට කෝපයට පත් වූ පුත්‍රයා පියා සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී දෙදෙනා අතර සිදුවූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් පියාට පිහියකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බරපතළ කැපුම් තුවාල ලැබූ පියා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පුත්‍රයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
0
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted