spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙදරට පැන්න හොරා අල්ලා පොලිසියට භාර දෙයි

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි අයෙකු ඊයේ (28) සවස ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

නිවැසියන් නිවසෙන් පිටවීමෙන් පසුව සැකකරු නිවසේ දොරගුලු කඩා ඇතුලු වු අවස්ථාවේදී අසල්වැසි නිවැසියන් එය දැක තවත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට දැනුම්දීමෙන් අනතුරුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී කොල්ලකරු පලායාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් අල්ලා චාවකච්චේරි පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා මණ්ඩුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවකු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?