ගෙදරට ගහපු පෙට්‍රල් බෝම්බයෙන් අවුරුදු හයේ දරුවා මිය ගිහින්

කළුතර,රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 06ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (29) රාත්‍රී කාලයේ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී නිවසේ සිටි වයස අවුරුදු 28ක කාන්තාවක් ද පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ දරුවා සහ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවා ඊයේ (30) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය දරුවාගේ මව මේ වන විට විදේශගතව සිටින අතර, තුවාල ලැබූ කාන්තාව විසින් ෂෙනල් සංදීප නැමැති මෙම දරුවා රැකබලා ගෙන ඇති බවයි තොරතුරැ වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය නිවසට එල්ල කර ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42