ගෘහ සේවයට සෞදි ගිය තවත් කතුන් 4 දෙනෙකුගේ දුක් අඳෝනාව (වීඩියෝ)

ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට සේවය සඳහා යන කාන්තාවන්ට අත්වන සෝචනීය ඉරණම් පිළිබඳව අප වාර්තා කර ඇත්තේ වරක් දෙවරක් නොවෙයි.

මේ අනාවරණයත් සෞදි අරාබියාවේ ගෘහසේවයට ගොස් දුක් ගැහැටවලට ලක් වන තවත් කාන්තාවන් සිව්දෙනෙක් පිළිබඳවයි.

ගෘහ සේවය සඳහා මෙරටින් සෞදි අරාබියාවට ගිය කාන්තාවන් සිව් දෙනෙකු එරට රියාද් හී නිවාසයක මාස ගණනාවක සිට විවිධ හිරිහැරවලට ලක්වෙමින් දිවි ගෙවන බව වාර්තා වනවා.

මෙම කාන්තාවන්කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල පිහිටි විදේශ රැකියා ආයතනවලින් විදේශගත වුවන් බවයි පැවසෙන්නේ.

එක් කාන්තාවක් සඟවාගෙන සිටි දුරකථනයක් හරහා ඔවුන් තමන් මුහුණ දෙන අමිහිරි අත්දැකීම් පිළිබඳව මෙලෙස හෙළි කළා.

නිසි ලෙස ආහාරපාන නොමැතිවීම, පොරොන්දු වු වැටුප් නොගෙවීම මෙන්ම සේවයට ගිය අදාල නිවෙස් තුලදී විවිධ හිරිහැරවලට ලක්වීම ආදී කරුණු හේතුවෙන් සෞදි අරාබියාවේ රියාද් හි මහල් නිවාසයකට මෙලෙස ගෙනවිත්දමා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මොවුන් ඉල්ලා සිටින්නේ රජයේ මැදිහත්වීම මත ඔවුන්ව නැවත මෙරටට ගෙන්වා දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56