ගෘහ සේවයට කාන්තාවන් විදෙස් ගත කිරීම අත්හිටුවීමට පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20)දින දැනුම් දුන්නා.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ අනුව, වසර දහයක් තුළ දී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ අද (20) දින පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැනුම් දෙනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18