spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෘහ සේවයට කාන්තාවන් විදෙස් ගත කිරීම අත්හිටුවීමට පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20)දින දැනුම් දුන්නා.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ අනුව, වසර දහයක් තුළ දී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ අද (20) දින පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැනුම් දෙනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
21
+1
11
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?