ගූගල් සමාගම යුක්‍රේනයේ සහයට ගත් පියවර

ගූගල් සමාගම ගූගල් මැප් යෙදවුමේ සියලුම සේවාවන් යුක්‍රේනයට තාවකාලිකව වාරණය කර තිබෙනවා.

ඒ අනුව සියලුම මැප් සහ ට්‍රැෆික් තොරතුරු තව දුරටත් යුක්‍රේනයේ දී ගූගල් මැප් හරහා ගත නොහැකි වෙනවා.

එය සිවිල් ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් ගත් පියවරක් බවයි සමාගම පවසා සිටින්නේ.