spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගූගල් ඔස්සේ වැඩිම පිරිසක් සෙවූ පුවත් ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙයි

2023 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ගූගල් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමක් වන අතර අන්තර්ජාල සෙවුම්, ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත (online) වෙළෙඳ දැන්වීම් වැනි දෑ එහි සේවා කිහිපයක්.

ගූගල් සමාගම විසින් සෑම වසරකම අවසානයේ පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

එහි සඳහන් වන ආකාරයට ගූගල් ඔස්සේ 2023 වසරේ වැඩි වශයෙන් සොයා ඇති පුවත වන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගැටුම පිළිබඳවයි.

එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් නෞකාව සොයා ගොස් අනතුරට ලක්වූ සබ්මැරීනය සම්බන්ධ පුවතයි.

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පන මාලාව ගූගල් ඔස්සේ වැඩිම පිරිසක් සොයා ඇති පුවත් අතරින් තුන්වන ස්ථානයේ පසුවනවා.

පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලැයිස්තුවයි.

News

1)War in Israel and Gaza

2) Titanic submarine

3) Turkey earthquake

4) Hurricane Hilary

5) Hurricane Idalia

6) Hurricane Lee

7) Maine shooting

8) Nashville shooting

9) Chandrayaan-3

10) War in Sudan

ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස 1996 ජනවාරි මාසයේදී ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවා.

ඔවුන් කැලිෆෝනියාවේ “ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ” ආචාර්ය උපාධිධාරීන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?