ගුවනේ අත්දැකීම පොළොවේ විඳගන්න එන්න කියූ බසය වන අලියෙකුගේ ගැටී පිරිසක් රෝහලේ (ඡායාරූප)

මගී ප්‍රවාහන බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ ඇති අනතුරකින් එහි ගමන් ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (24) අද අලුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ බීජ පර්යේෂණ ආයතනය අසන්නප්‍රදේශයේදී යි.

කැකිරාව සිට තලාව මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

බසය වන අලියාගේ ගැටෙන අවස්ථාවේ එම බස් රථයේ මගීන් 25ක් පමණ ගමන් කර ඇති බව සඳහන්.

අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බසය මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මාර්ගය හරහා එක්වරම මාරුවීමට ගිය වන අලියෙකුගේ ගැටී ඇති අතර අනතුරුව බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ ගසක ගැටී අනතුරට ලක්වී තිබෙනවා.

බස්රථයේ ගමන්ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස අතර බස්රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ද වනවා.

අනතුරට පත් බස් රථයේ “එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න“ යනුවෙන් පාඨයක් ද සටහන්ව ඇති අතර, අනතුර දැක බලා ගන්නට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමු වී තිබුණා.

මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා නිරන්තරයෙන් වන අලි මාරු වන අතර මෙලෙස සිදු වන්නට ගිය මාරක අනතුරු රැසක් රියදුරන්ගේ සැලකිල්ල හේතුවෙන් මඟ හැරුණු බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට පෙර මේ සඳහා පිළියමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

අනතුරින් බස්රථයට ද දැඩි හානි සිදුව ඇති අතර ඉපලෝගම පොලිසිය එම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Mahailuppallama Bus Accident


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51