spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවනේ අත්දැකීම පොළොවේ විඳගන්න එන්න කියූ බසය වන අලියෙකුගේ ගැටී පිරිසක් රෝහලේ (ඡායාරූප)

මගී ප්‍රවාහන බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ ඇති අනතුරකින් එහි ගමන් ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (24) අද අලුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ බීජ පර්යේෂණ ආයතනය අසන්නප්‍රදේශයේදී යි.

කැකිරාව සිට තලාව මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

බසය වන අලියාගේ ගැටෙන අවස්ථාවේ එම බස් රථයේ මගීන් 25ක් පමණ ගමන් කර ඇති බව සඳහන්.

අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බසය මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මාර්ගය හරහා එක්වරම මාරුවීමට ගිය වන අලියෙකුගේ ගැටී ඇති අතර අනතුරුව බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ ගසක ගැටී අනතුරට ලක්වී තිබෙනවා.

බස්රථයේ ගමන්ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස අතර බස්රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ද වනවා.

අනතුරට පත් බස් රථයේ “එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න“ යනුවෙන් පාඨයක් ද සටහන්ව ඇති අතර, අනතුර දැක බලා ගන්නට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමු වී තිබුණා.

මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා නිරන්තරයෙන් වන අලි මාරු වන අතර මෙලෙස සිදු වන්නට ගිය මාරක අනතුරු රැසක් රියදුරන්ගේ සැලකිල්ල හේතුවෙන් මඟ හැරුණු බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට පෙර මේ සඳහා පිළියමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

අනතුරින් බස්රථයට ද දැඩි හානි සිදුව ඇති අතර ඉපලෝගම පොලිසිය එම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Mahailuppallama Bus Accident
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?