ගුවන් සේවක කාර්යය මණ්ඩලයේ කටයුතු පහසු කරගන්න අලුත් ම වැඩපිළිවෙළක් (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සඳහා විසඳුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර( Self Check – in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මළු භාරදීමේ යන්ත්‍රයක් ( Bag Drop ) ස්ථාපනය කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද උදෑසන 10.30ට මෙම යන්ත්‍ර පෙළ ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ස්ථාපිත කිරීම සිදු වූ බවයි.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබෙනවා.

ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර මගින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම ( Seat Selection), ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කර ගැනීම ( Boarding Pass Printing ) සහ ගමන් මළු ටැග් පත මුද්‍රණය ( Bag Tag Printing ) කර ගැනීම යන කාර්යයන් තුන ඉටුකර ගත හැකියි.

ඉන්පසු එම ගුවන් මගීන් ස්වයං සේවා ගමන් මළු භාරදීමේ ( Bag Drop ) යන්ත්‍රය වෙත ගොස් ගමන් මළු භාර දීම සිදු කර ආගමන විගමන නිෂ්කාශන කටයුතු සදහා පිටත්ව යා හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි 05 ක් වැනි කෙටි කාලයක් තුළ සිය ගුවන් තොටුපොළ රාජකාරී නිමා කර අදාළ ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමි වනු ඇති.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් පහසුකම් හිමි වන අතර ඉදිරි කාලයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සඳහා ද ව්‍යාප්ත කිරීමට නියමිතයි.

මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මසකට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මළු මෙහෙයුම් කටයුතු සිදු කරනවා.

20231114 101357 scaled
20231114 101652 scaled
20231114 102249 scaled
20231114 102311 scaled
20231114 102820 scaled
20231114 103230 scaled
20231114 103554 scaled
IMG 20231114 WA0089


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14