ගුවන් සෙබළා හා පොලිසිය අතර සිදු වූ පාදුක්කේ වෙඩි හුවමාරුව ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ මෙම ගුවන් හමුදා සෙබළා ඊයේ (07) දිනයේ මොරගහහේන, තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

අද (08) අලුයම් කාලයේ දී පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අංගමුව ප්‍රදේශයේ විශේෂ මුර සංචාරක නිරතව සිට ඇති අතර, එහිදී යොදා තිබූ මාර්ග බාධකයක දී යතුරුපැදියක් නවත්වන ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගුවන් හමුදා සෙබළා අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර, ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ද යතුරුපැදිකරු දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර, එහිදී ගුවන් හමුදා සෙබළා වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇති ගුවන් හමුදා කෝප්‍රල්වරයා පාදුක්ක, මිරියගල්ල, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි අයෙක්.

මොහු විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව ද පොලිසිය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාපරාධී ක්‍රියාවලට තම නිලධාරීන් සම්බන්ධ කර ගැනීම බරපතල ලෙස සලකන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59