ගුවන් මගීන්ගේ පහසුවට නව බස් රථ සේවාවක්

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) ආරම්භ කර තිබෙනවා.

සංචාරකයිගේ සහ ගුවන් මගීන්ගේ පහසුව සඳහායි මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් ගුවන්තොටුපොළේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ වෙත පැමිණිය යුතු වනවා.

ඒ අනුව ගුවන්තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ, අතරමැද නැවැත්වීමකින් තොරව ගමනාන්තය කරා පිවිසෙනවා.

මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම නව බස් රථ සේවාව සදහා සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කෙරෙනවා.

  1. එක පාරකුත් මේ බස් එක දැම්මා , ඉතාමත්ම හොද වැඩක් ඒත් කොච්චර කාලේකටද කියලා කියන්න බැ. මේ වැඩේට විරැදද කට්ටිය ගොඩක් ඉන්නවා ,ඒ බාධක අයින් කරලා දුවන්න. දියුණු රටවල්වලත් මේ ක්‍රමය තියනවා

  2. Airport ටැක්සි කාරයින්ට කෙලවෙන නිසා උන් ඔය බස් සේවය සජිත් ජනාධිපති වුණොත් පහුවදාම කුඩුකරල දානවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14