ගුවන් මගියෙක්ගේ හදිසි අසනීපයක් නිසා කටුනායකට ආ ලොව දැවැන්තයා

ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (20) රාත්‍රීයේ හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා .

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියෙක් හදිසියේම අසනීප වූ නිසා, ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය රාත්‍රී 07.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබෙනවා .

මේ වනවිට මෙම ගුවන් මගියා ගුවන් යානයෙන් පිටතට ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්පසු මෙම ගුවන් යානය ආපසු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41