ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් වෙනස් වෙයි

මෙරටින් නිකුත් කරන සියලුම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවය.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සෑම ගුවන් ප්‍රවේශපත්‍රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇති.