spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් අද (15) දහවල් කෑම පැයේ දී මෙම උද්ඝෝෂණයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

උද්ඝෝෂණයේ නිරත පිරිස සඳහන් කළේ ගුවන් තොටුපොළ සේවකයින්ට අවුරුදු 06 කින් වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බවයි.
එළඹෙන 31 වනදාට පෙර සිය ඉල්ලීමට සාදාරන විසඳුමක් නොලැබුනහොත් 2024 වසරේ ජනවාරි 03 දින සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී ඔවුන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සකස් කළ ලිපියක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අජිත් ගල්කැටිය වෙත භාරදීමට ද පියවර ගත්තා.

20231215 130215 scaled
20231215 130215 scaled
20231215 131222 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?