ගුවන් තොටුපොළ රාජ්‍ය සමාගමට නව පත්වීම් 92ක්

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමේ සේවාවන් තවදුරටත් ගුණාත්මක ලෙස පුළුල් කිරීම සදහා ක්ෂේත්‍ර 09 ක් සදහා අවශ්‍ය සේවක සේවිකාවත් 92ක් සදහා අද (10) දින උදෑසන පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.

සිවිල් , විදුලි කාර්මික , වාහන සහ යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍ර සදහා තාක්ෂණ නිලධාරීවරුන්, ගිණුම්කරණ සහකාර , සුපරීක්ෂකවරුන්, රියැදුරුවරුන්, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ඉංජිනේරුවරුන් මේ උත්සවයේදී පත්වීම් ලබා ගත්තා.

මෙම නව පත්වීම් දේශපාලන බලපෑම්වලින් තොරව ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ සුදුසුකම් මත පමණක් ලබා දී ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වෙත රුපියල් මිලියන 600 ක් නව ගුවන් සේවා පුහුණු පාසැලක් (Aviation Academy) ආරම්භ කිරීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලැබී ඇති බවත් දැනට ඇනහිට ඇති කටුනායක ගුවන් තොටුපොළ දෙවන අදියරේ ඉදිකිරීම් එළඹෙන නොවැම්බර් මස දී ජයිකා ආයතනයේ නව ගිවිසුම් අනුව ක්‍රියාත්මක කරන බවත් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අනුර කරුණාතිලක පැවසුවා.

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක , නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, එම අමාත්‍යංශයේ ලේකම් , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමිත් රඹුක්වැල්ල සහ එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48