spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් තැපෑලෙන් කොකේන් ගෙන්වූ නයිජීරියානුවෙක් සමඟ තුනක් කොටු

දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා ගුවන් තැපැල් මඟින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය සමඟ එම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු පසු ගිය 02වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය වෙත ලද තොරතුරකට අනුවයි.

අදාල පාර්සලයේ කොකේන් ග්‍රෑම් 210ක් තිබී හමුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු එදිනම නාරාහේන්පිට හා ජාවත්ත ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 38 හැවිරිදි නයිජීරියන් ජාතිකයෙක් වන අතර, අනෙක් සැකකරු 30 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් ඊයේ (03) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?