ගුවන් තැපෑලෙන් කොකේන් ගෙන්වූ නයිජීරියානුවෙක් සමඟ තුනක් කොටු

දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා ගුවන් තැපැල් මඟින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය සමඟ එම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු පසු ගිය 02වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය වෙත ලද තොරතුරකට අනුවයි.

අදාල පාර්සලයේ කොකේන් ග්‍රෑම් 210ක් තිබී හමුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු එදිනම නාරාහේන්පිට හා ජාවත්ත ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 38 හැවිරිදි නයිජීරියන් ජාතිකයෙක් වන අතර, අනෙක් සැකකරු 30 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් ඊයේ (03) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15