ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගුවීම ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව

කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා අද (09) අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම හේතුවෙන් අවලංගු කිරීමට සිදු වුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 604 දරණ ගුවන් යානය අද දින අලුයම 12.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

මේ අතර ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණා.

මේ හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව සමාව අයදින බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගුවන් මගීන්ට අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර, සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33