ගුවන් ගමන් රැසක් අවලංගුයි

කොවිඩ් වසංගතය සහ අයහපත් කාළගුණය හමුවේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් අමෙරිකාව ඇතුලු රටවල් රැසක සංචාරකයන්ට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් ලොව පුරා ගුවන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ඉන් 2500 කට වැඩි සංඛ්‍යාවක් සටහන්වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙනුයි.

කොවිඩ් වසංගතය හමුවේ ගුවන් යානා කාර්ය මණ්ඩල නිරෝධායනයට යොමුකර තිබීම ගුවන් ගමන් අවලංගු කිරිමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකාවට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන්ද ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

නත්තල් නිවාඩුවෙන් පසු නව වසරේ වැඩ කරන පළමු සතිය හෙටින් ආරම්භවීමත් සමග අද දිනයේදීත් බොහෝ පිරිසකට විවිධ දුෂ්කරතා මතුවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13